www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාස්කු ප්‍රහාරය ගැන පූජිත් සහ හේමසිරිගෙන් අධිකරණයට හෙළිදරව්වක්


2020-02-08 18:15:32 -  406 යි

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවූ ආන්දෝලනාත්මක තොරතුරු ලිඛිත සාක්ෂිද සමඟ අධිකරණයට සහ ජනාධිපති කොමිසමට ඉදිරිපත් කිරීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා තීන්දුකර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.

මෙම ප්‍රහාරය සම්බන්ධ මෙතෙක් පළවූ බොහෝ අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමටත් මේ සඳහා ඍජුව වගකිවයුත්තේ කවුද යන්න තහවුරු කිරීම පිණිසත් ඔවුන් මෙලෙස සාක්ෂි ලබාදීමට නියමිත බව පැවසෙනවා.

ප්‍රථමයෙන්ම ඔවුන් සාක්ෂි දීමට නියමිතව ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කරුණු විමසන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේයි. තවත් දෙසතියක් තුළ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා ඊට කැඳවීමට නියමිත බව වාර්තා වනවා.

ඉන් අනතුරුව ඔවුනට එරෙහිව අධි චෝදනා යටතේ කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව කැඳවීමට නියම වී තිබෙනවා. කලින් මෙම විත්තිකරුවන් දෙදෙනා තමන් ජනාධිපති කොමිසම හා අධිකරණය හමුවේ කරනු ලබන ප්‍රකාශ රහසිගතව සිදුකිරීමට කලින් සැලසුම්කර තිබුණද දැන් එම සාක්ෂි විවෘත උසාවියේදී ජනතාවගේද දැනගැනීම පිණිස ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇතැයි නීති අංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com