www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සීගිරියට ළඟ පාරෙන් නගින්න රු 3000 යි..ඒත් පිටරැටියන්ට විතරයි..ජාවාරමේ තොරතුරු මෙන්න


2020-02-08 13:35:48 -  686 යි

සීගිරිය වෙත පැමිණෙන සංචාරකයන්ගෙන් ගසා කන වැඩපිළිවෙලවල් මේ වනවිටත් ක්‍රියාත්මකව තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදල හෝ වෙනත් අදාළ රජයේ ආයතන ක්‍රියාත්මක වෙද්දී එහි පැමිණෙන සංචාරකයන් අපහසුතාවට පත් කරමින් කූට ලෙස මුදල් ඉපයීම අද (08)දිනය වන විටත් සිදු වනවා.

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන විදේශිකයන් ඉලක්ක කරගැනීම මුදල් අනිසි ලෙස ඉපයීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන අතර ළඟ පාරකින් සීගිරියට නැගීමට නම් අවමය රුපියල් 3000ක සිට මුදලක් ගෙවීමට සිදු වනවා.

මෙම මාර්ගයෙන් දේශීය සංචාරකයන්ට ගමන් කිරීමට ඉඩ ලබා නොදෙන අතර විදේශිකයන්ගේ පසුම්බියට විදීම සඳහා පමණක් මෙම මාර්ගය යොදා ගනු ලබනවා.

සීගිරිය නැරඹීමට මෙරට මෙන්ම විදෙස් ජනතාව ද පැමිණෙන්නේ විශාල බලාපොරොත්තු ඇතිවයි.

මෙරට ප්‍රධාන ආදායම් මාර්ගය බවට සංචාරක කර්මාන්තය පත් කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උගුර ලේ රස වනතුරු කෑ ගැසුවද වංචාවට හුරුවූ සංචාරක මග පෙන්වන්නන් බව පවසන පිරිස් සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු රජයේ නිලධාරීන්ගේ නොමනා පිළිවෙත් නිසා විදේශිකයන්ට ශ්‍රී ලංකාව සංචාරය නොකළ යුතු රටක් ලෙස හැඟෙන දිනය වැඩි ඈතක නොවේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com