www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මැගසින් බන්ධනාගාර අධිකාරීවරයාට සිදුකළ,පාතාල තර්ජනය ගැන පරීක්ෂණයක්


2020-02-08 13:25:52 -  507 යි

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ, බන්ධනාගාර අධිකාරිවරයාට දුරකථනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ උපදෙස් මත අදාල පරීක්ෂණය සිදුකෙරෙන බවයි.

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් නමැති සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු නොකරන ලෙස තර්ජනය කරමින් ඉන්දියාවේ සැගවී සිටින පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා නමැත්තා විසින් අදාළ බන්ධනාගාර අධිකාරිවරයාට දුරකථන ඇමතුමක් මගින් තර්ජනය කර ඇති බව ඊයේ ජාතික පුවතපත් වාර්තාවල දැක්වුණා.

පාතාල ක්‍රියාකාරකම් ඇතුළු විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කංජිපානි ඉම්රාන් හා කොස්ගොඩ තාරක නමැති සැකකරුවන් දෙදෙනා මේ වනවිට බන්ධනාගාරයේ රඳවා සිටින අතර, කොස්ගොඩ තාරක නමැත්තා එම බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන්ගේ සගයෙකුට පහරදී ඇති බවයි අදාළ වාර්තාවල දැක්වුණේ.

ඊට අදාළ විමර්ශනයකින් අනතුරුව කංජිපානි ඉම්රාන් හා ඊට සම්බන්ධ කොස්ගොඩ තාරක ඇතුළු 10 දෙනෙකුට ආසන්න පිරිසක් වෙනත් බන්ධනාගාරවලට මාරුකර යැවීමට  බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබූ බව ද සඳහන් වනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com