www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

Facebook -Twitter සහ Instagram ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක්


2020-02-08 13:15:09 -  326 යි

ලොව විශාලතම සමාජ මාධ්‍ය වන Facebook හි Twitter සහ Instagram ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ සන්ධ්‍යාවේ එලෙස එම ගිණුම්වලට අනවසරයෙන් පිවිසුණු හැකර්වරුන් Facebook හි එම ගිණුම් තාවකාලිකව අත්පත් කරගෙන සිටි බවයි.

මෙම අනවසර පිවිසුම සිදුකර ඇත්තේ අවර් මයින්ඩ් නැමැති හැකර්වරුන් කණ්ඩායමයි.

එමෙන්ම, Facebook සහ Messenger හි Twitter හා Instagram ගිණුම්වල ඔවුන් සටහන් කර ඇත්තේ ෆේක්බුක් ගිණුම වුවද අවධානමක් සහිත බවයි.

කෙසේ නමුත්, එම ගිණුම් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි Facebook ආයතනය ප්‍රකාශ කළේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com