www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අංගොඩ ලොක්කා ඉන්දියාවේ ඉඳන් බන්ධනාගාර ලොක්කාට තර්ජනය කරලා


2020-02-07 09:38:48 -  549 යි

පාතාල සාමාජිකයකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා වෙනත් බන්ධනාගාරයකට ස්ථානමාරු කර නොහරින ලෙසට තර්ජනය කරමින් ඉන්දියාවේ සැඟවී සිටින පාතාල කල්ලි නායකයකු වන අංගොඩ ලොක්කා නමැත්තා ඊයේ (07දා) රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයි වාර්තා වේ.

පාතාල ක්‍රියාකාරකම් ඇතුළු විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කංජිපානි ඉම්රාන් හා කොස්ගොඩ තාරක නමැති දෙදෙනා මේ වනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින අතර පෙරේදා (06දා) කොස්ගොඩ තාරක නමැත්තා එම බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් නමැත්තාගේ සගයකුට පහරදී ඇතැයිද වාර්තා වෙයි.

එකී සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වූ විමර්ශනයකින් අනතුරුව කංජිපානි ඉම්රාන් හා එකී සිද්ධියට සම්බන්ධ කොස්ගොඩ තාරක ඇතුළු දස දෙනකුට ආසන්න පිරිසක් බූස්ස ඇතුළු බන්ධනාගාරවලට ඊයේ පස්වරුවේ මාරුකර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන තිබූ බවද දැනගැනීමට තිබේ.

තම සගයකු වන කංජිපානි ඉම්රාන්ද රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන බව දැනගත් විට ඉන්දියාවේ සැඟවී සිටින පාතාල නායකයකු වන අංගොඩ ලොක්කා නමැත්තා කංජිපානි ඉම්රාන් ස්ථාන මාරු නොකරන ලෙසට තර්ජනය කරමින් එකී බන්ධනාගාර අධිකාරිවරයාට එසේ දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com