www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

LTTE යට සම්බන්ධ ලියකියවිලි සහ ව්‍යාජ නිල මුද්‍රා තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


2020-02-03 11:43:31 -  271 යි

LTTE සංවිධානයට අයත් ලියකියවිලි තොගයක් සමඟ රාජ්‍ය ආයතන ඇතුළු තවත් ආයතන වලට සම්බන්ධ ව්‍යාජ නිල මුද්‍රා 5 ලඟ තබාගෙන සිටි පුද්ගලයෙක් කිළිනොච්චියේ දී STF අත්අඩංගුවට පත්වුණා.

කිලිනොච්චි පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී කිලිනොච්චි විවේකානන්ද නගර් ප්‍රදේශයේ නිවසකින් මෙම භාණ්ඩ සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විවේකානන්ද නගර් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව වවුනියාව යුද හමුදා බුද්ධි කාර්යාලය, වවුනියාව මානව හිමිකම් කොමිෂන් සභාව, කිලිනොච්චි දිසා විනිසුරු, කිලිනොච්චිය-කරච්චි ප්‍රාදේශීය ලේකම් සහ වවුනියාව ප්‍රාදේශීය ලේකම් යන නාමයන් සහිත ව්‍යාජ රබර් මුද්‍රා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු කිළිනොච්චි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කිලිනොච්චි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com