www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොරෝනා ආසාදිතයෙක් රත්නපුර මහ රෝහලේ..?


2020-01-31 00:31:52 -  736 යි

කොරෝනා වෛරසය ආසාදිත යයි සැක සහිත පුද්ගලයෙකු රත්නපුර මහ රෝහලට ඇතුළු කර තිබේ.

රෝහලේ වෛද්‍යවරයෙකු ප‍්‍රකාශ කලේ මෙම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකුගේ සියළු ලක්‍ෂණ පෙන්වන බවත් ඔහු මේ වන විට සියළු රෝගීන්ගෙන් වෙන්ව ස්ථානයක රදවා ප‍්‍රතිකාර කරන බවයි.

කොරෝනා වෛරසය අසාදිත දැයි දැන ගැනීම සදහා ඔහුගේ ජීව සාම්පල මේ වන විට කොළඹට යොමු කර ඇති බවත් ඔහු සදහන් කලේය.

අදාල පුද්ගලයා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස රැුකියාව කරන ඇහැලියගොඩ ප‍්‍රදේශයේ පුද්ගලයෙකි.

රෝගියාට ප‍්‍රතිකාර කිරීම සදහා වෛද්‍යවරුන්ට හා කාර්යමණ්ඩලයට ආරක්‍ෂිත ඇදුම් නොමැතිවීම බරපතල ගැටළුවක් යයිද වෛද්‍යවරයා තව දුරටත් පැවසීය.

මේ අතර කොරෝනා ආසාදිත යයි සැකපිට කුරුණෑගල මහ රෝහලට ඇතුළු කරන ලද පුද්ගලයෙකුට එම වෛරසය ආසාදනය වී නැති බව රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com