www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලංකාවේ ප්‍රථම "කොරෝනා"වැළඳුණු චීන කතගේ "ගයිඩ්" මහනුවර රෝහලට ඇතුලත් කෙරේ


2020-01-30 07:53:24 -  4725 යි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු ප්‍රථම කොරෝනා වෛරස් රෝගියා ලෙසට හඳුනාගත් චීන ජාතික කාන්තාවගේ මඟපෙන්වන්නා (ගයිඩ්) ලෙසින් කටයුතු කළ පුද්ගලයකු (28දා) මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.

මාතලේ කුළුබඩු වගාවක සේවය කරන මෙම පුද්ගලයා සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝගී තත්ත්වයෙන් පසුවූ බැවින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහනුවර මහ රෝහලට යැවූ බව මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතා පවසයි. 

මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේපාලි වික්‍රමතිලක මහත්මිය පැවැසුවේ රෝගියාගේ බලවත් ඉල්ලීම මත වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කිරීමට උපදෙස් දුන් බවයි. 

 හේවා පී. කරුණාරත්න

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com