www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අකුරැස්සේ කුණු කන්දේ බරත් ජනතා හිස මත


2020-01-30 07:25:45 -  368 යි

අකුරැස්ස නගරය මැද අලුත් පාරේ ප්‍රධාන මාර්ගයේ එක් පසෙක දෛනිකව ගොඩ ගැසෙමින් ගඳ ගසමින් පවතින කසළ කන්ද දැනට අවුරුදු දහයකටත් අධික කාලයක් තිස්සේ අකුරැස්ස ජනතාවට මහත් හිසරදයක් වී තිබේ.

​මෙම වසර ගණනාව තිස්සේම නගරාශ්‍රිත මේ කුණු කන්ද පිළිබඳව අකුරැස්ස ප්‍රාදේශීය සභාවට හා මේ පිළිබඳව කටයුතු කරන විවිධ පාරිසරික අංශවලට දැනුම් දුන්නත් ජනමාධ්‍ය ඔස්සේ ඒ ගැන කතා කළත් කිසිදු ඵලක් වී නැතැයි ඔවුහු කියති.

මෙම දීර්ඝකාලීන කසළ ප්‍රශ්නය අකුරැස්ස නගරයට සෘජුවම බලපාන අකුරැස්ස ප්‍රාදේශීය සභාවට ඇඟිලි දිගු කෙරෙන්නේ නිරායාසයෙනි. මේ සම්බන්ධයෙන් කළ විමසුම්වලදී අසල්වාසීන් විශාල පිරිසක් කියා සිටියේ මෙම කුණු කන්දෙන් බෝවෙන මැසි මදුරුවන් තමන්ගේ එදිනෙදා ජීවිතයට හිරිහැරයක් බවයි.

පසුගිය රජය පැවති සමයේ එවකට සිටි අග්‍රාමාත්‍යවරයා මෙම කුණු කන්ද අසල පිහිටි බිම් තීරය අකුරැස්ස නව බස් නැවතුම්පොළක් ඉදිකිරීම සඳහා 2017 වසරේ අගෝස්තු මස 18 වැනි දින මුල්ගල් තැබීය. එම අවස්ථාවේදී පමණක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් එම පරිශ්‍රයේ කසළ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබිණි. ඒ සඳහා මිලියන පනහක මුදලක් වෙන් කරමින් කසළ තොගය අකුරැස්ස නගරය ආසන්නයේ ලද්දුව පාලම අසලට බැහැර කෙරිණි. මුල්ගල් තැබීමෙන් අනතුරුව යළිත් නව බස් නැවතුම්පොළ ඉදිකිරීමට යෝජිත ස්ථානයට යාබදව යළි කුණු කන්ද දිනපතා ගොඩගැසෙමින් තිබේ. මුල්ගල් තබා වසර තුනකට ආසන්න කාලයක් ගතවුවත් නව බස් නැවතුම්පොළ ඉදිකිරීම් කටයුතු කෙරෙන බව පෙනෙන්නට නැතැයි අකුරැස්සේ ජනතාව පවසති.

අකුරැස්ස ප්‍රාදේශීය සභාවෙන් දෛනිකව එකතු කරනු ලබන කසළ මෙම ස්ථානයේ ගොඩ ගැසෙමින් පවතී. ගොඩගැසෙන කුණු කඳු පස්වලින් වසා දැමේ. රාත්‍රි කාලයේදී අකුරැස්ස නගරයේ සහ අවට ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන්ද මෙම ස්ථානයට තම තමන්ගේ කසළ බැහැර කරති. මෙලෙස කසළ බැහැර කරන හේතුව පිළිබඳව අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති මුනිදාස ගමගේගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ මේ කසළ ප්‍රශ්නයට මුල ඒවා බැහැර කිරීමට නිසි තැනක් නොමැතිකම බවයි.

මේ ප්‍රශ්නයට කලකට ඉහතදී අපේ පාලන කාලයේදී විසඳුමක් ඉදිරිපත් කළා. ඒ තමයි පරදුව තිබෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් විනිෆ්‍රීඩා වත්තෙන් ඉඩම් කොටසක් පවරාගෙන එහි කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට. ඒ වෙලාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති අක්කර 18 ක් වූ රබර් ඉඩමෙන් අපිට ඉඩම් අක්කර 02 ක් ලැබුණා. ඊට පසුව නැවත අපි ඉල්ලීම් කරලා තවත් අක්කර 03 ක් ලබාගත්තා. පිළිසරු ව්‍යාපෘතිය යටතේ කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපිට රථ වාහනයක් සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ලැබුණා.

අපි මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න සූදානම් වුණා. නමුත් අවුරුදු දෙකහමාරක් පළාත් පාලන ඡන්දය තිබ්බේ නැති නිසා අකුරැස්ස ප්‍රාදේශීය සභාව අකර්මන්‍ය වුණා. ව්‍යාපෘතිය ඇනහිටියා. අපට කළ හැකි කිසිවක් නැතිවුණා. බලයේ සිටිය එක්සත් ජාතික පක්ෂ යහපාලන රජය මෙම කුණු ප්‍රශ්නය විසඳන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ.

අලුතින් ආරම්භ කෙරෙන කසළ ප්‍රතිචක්‍රීයකරණ අංගණය

මාර්ගය අයිනේ ගොඩගැසී ඇති කුණු කන්ද




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com