www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඇමරිකානු-ජපාන යානා බැස්සුවත් වූහාන්වලට ලංකාවේ ගුවන් යානා බස්සන්න තවමත් ඉඩ නෑ


2020-01-30 07:06:43 -  403 යි

චීනයේ වූහාන් නගරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා ගොඩ බැස්සවීමට චීන රජය මෙතෙක් අවසර ලබාදී නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒම සඳහා චීන රජය අවසර ලබා දෙනු ඇතැයි විශ්වාසයෙන් සිටින බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති කේ. යෝගනාදන් අරුණට පැවැසීය. කෙසේ වෙතත් චීනයේ වෙනත් නගරවල සිටි ශ්‍රී ලාංකිකයන් 118 දෙනකු අද (30 වැනිදා) දිවයිනට පැමිණෙන බවද ඔහු පැවැසුවේය.

ඇමරිකාව, ජපානය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය වූහාන් හි සිටින තම රට වැසියන් ඊයේ (29 වැනිදා) මුදාගෙන සිය රටවලට රැගෙන ගොස් තිබේ. ඔස්ට්‍රේලියාවද සිය රට වැසියන් 600ක් වූහාන් නගරයේ සිට ඉදිරි දිනවලදී රැගෙන විත් ක්‍රිස්මස් දූපතේ රඳවා තැබීමට තීරණය කර ඇත.

මේ අතර බ්‍රිතාන්‍ය වැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙස එර​ට විදේශ කටයුතු අමාත්‍යාංශය ඔවුන්ට දැනුම් දී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com