www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පුහුණුවීම්වලට ගිය හමුදාවේ අසූ තුනක් තවමත් චීනයේ


2020-01-29 07:55:50 -  354 යි

චීනයේ පුහුණු පාඨමාලා සඳහා ගොස් සිටින ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් මෙරටට පැමිණෙද්දී විශේෂ පරීක්ෂාවකට ලක්කරන ලෙස වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ​ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝග කර ඇත.

ගුවන් හමුදා කොමදෝරුවරයෙක් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නිලධාරීහු 162 ක් චීනයේ හමුදා පාඨමාලාවලට ගොස් සිටියහ. ඒ යුද හමුදාවේ 123 ක්, නාවික හමුදාවේ 25 ක් හා ගුවන් හමුදාවේ 14 ක් වශයෙනි.

ඉන් දැනට නිවාඩු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින පිරිසට අමතරව අසූ හතර දෙනකු චීනයේ පුහුණුවීම්වල නිරතව ඇත.

මෙම නිලධාරීන් සම්බන්ධව දිනපතා තොරතුරු නිරීක්ෂණය කරමින් සිටින බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com