www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කටුනායක සවිකර ඇති යන්ත්‍ර ගැන පැතිර යන කතා බොරු - සිරුරේ ඇති වන සුළු උෂ්ණත්ව වෙනසක් පවා හඳුනා ගැනීමට තරම් ස්කෑන් යන්ත‍්‍ර සංවේදීයි.


2020-01-28 10:58:02 -  382 යි

ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපලේ සවිකර තිබෙන ස්කෑන් යන්ත‍්‍ර දෝෂ සහිත බවට සමාජ මාධ්‍යන්හි පැතිර යන රාවයන් රජය ප‍්‍රතික්ෂේප කරනවා.

සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ සිරුරේ ඇති වන සුළු උෂ්ණත්ව වෙනසක් පවා හඳුනා ගැනීමට තරම් මෙම ස්කෑන් යන්ත‍්‍ර සංවේදී බවයි. 

අවධානම් රටවලින් රැගෙන එන ආහාර ද්‍රව්‍ය පවා විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

නව කොරෝන වෛරසය ආසාදනය වී ඇතැයි සැක කළ හැකි කිසිවෙකු හෝ ගුවන් තොටුපලේදී හඳුනා ගත හොත් ඔහු වහාම නිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට යුහුසුුුළුව කටයුතු කෙරෙන බවද අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මෙහිදී කියා සිටියා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com