www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශානිගේ පිස්තෝලෙන් උණ්ඩ විස්සක් පනී


2020-01-28 07:14:46 -  1010 යි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර වැඩ තහනමට ලක්වූ පසුව පොලිස් දෙපාර්තමේන්තුවෙන් තමන්ට දුන් රාජකාරි පිස්තෝලය භාර දීමේදී වැඩිපුර පතොරම් විස්සක් ලබාදී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

මධ්‍යම අවි ගබඩාවෙන් ඔහුට නිකුත් කර තිබුණේ මිලිමීටර් නවයේ පිස්තෝලයක් හා උණ්ඩ තිහක් පමණි. ගිනි අවිය භාරදෙන විට වැඩිපුර උණ්ඩ විස්සකුත් ඔහු භාරදී ඇතත්, ඔහුට දුන් මැගසිනයක් භාරදී නොමැති බව මධ්‍යම අවි ගබඩාවෙන් පොලිස් මූලස්ථානයට දැනුම් දී ඇත. මේ සම්බන්ධව ඉදිරියේදී විමර්ශනයක් ඇරඹෙන බව​ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් අනාවරණය කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com