www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොරෝනා යැයි සැකපිට තවත් දෙදෙනෙකු IDH රෝහලට කොළඹට එන සියලු දෙනා මුඛ ආවරණ පළදින්න


2020-01-26 12:02:37 -  424 යි

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට ඊයේ (25) කාන්තාවන් දෙදෙනෙකු අංගොඩ අයි.ඩි.එච්. රෝහලට ඇතුළත් කළ අතර අද (26) තවත් දෙදෙනෙකු එම රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව මේ වනවට සිව්දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඔවුන්ට වැළඳී ඇත්තේ කොරෝනා වෛරසයදැයි මෙතෙක් තහවුරු කරගෙන නැත.

චීනයේ අධ්‍යාපනය ලබමින් සිට පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවියක් සහ මෙරට සංචාරයක නිරත චීන ජාතික කාන්තාවක්ද ඊයේ වනවිට රෝහල් ගත කර තිබූ අතර අද දින ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙකු හා චීන ජාතික කාන්තාවක් මෙසේ රෝහල් ගත කර තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් තවමත් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර කොළඹට පැමිණෙන සියලුම ජනතාවට කොරෝනා වෛරසය හේතුවෙන් මුඛ ආවරණයක් (මාස්ක්) පළදින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

චීන ජාතිකයන් විශාල පිරිසක් කොළඹ නගරයේ ගැවසීම හේතුවෙන් තම තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර අනුමගමනය කරන ලෙස වෛද්‍යවරයා ප්‍රකාශ කරන අතර කොළඹ නගරයේ පොදු ස්ථාන හා හෝටල් ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළදින ලෙසත් ඔහු උපදෙස් ලබා දෙමින් දන්වා සිටී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com