www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වුහාන් නගරයේ සිටින ලාංකික සිසුන් ගෙන්වා ගන්න : ජනපති බලධාරින්ට නියෝග කරයි


2020-01-25 23:24:54 -  211 යි

චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සරසවි සිසුන් යලි මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරින්ට නියෝග කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ජනාධිපතිවරයා නියෝග කර සිටියේ රජයේ වියදමින් එම සිසුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන ලෙසයි.

මේ වන විට ලාංකික සිසුන් 30 දෙනෙක් වුහාන් ප්‍රාන්තයේ සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

මේ වන විට චීන බලධාරින් එම ප්‍රාන්තයේ සිටින ජනතාවට වුහාන් නගරයෙන් පිටවීම සහ ඇතුල්වීම තහනම් කර ඇති අතර එම තහනම ඉවත් කළ විගස ශ්‍රී ලාංකික සිසුන් ඉවත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇත.

චීනයේ වුහාන් ප්‍රාන්තයට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සෘජු ගුවන් ගමන් නොමැති අතර මෙම සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් එහි යැවීමට අවශ්‍ය පියවර ගනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com