www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොරෝනා යැයි සැක දෙදෙනෙක් ශ්‍රී ලංකාවේන් හමුවෙයි


2020-01-25 19:37:15 -  337 යි

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවක් ඇතුළු දෙදෙනකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇති බව එහි අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර සිටිනවා.

චීන ජාතික කාන්තාව මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසයට ගොදුරුව ඇති අනෙක් රෝගියා ශ්‍රී ලාංකික කාන්තාවක් වනවා.

මේ වන විට එම රෝගීන්ගේ රුධිර සාම්පල් බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට රුධිර සාම්පල වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කර සිටියේ. එම රෝගීන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com