www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනයේ ප්‍රදේශ ගණනාවකට හදිසියේම හමුදාව කඩාවදී


2020-01-24 10:12:20 -  804 යි

යාපනයේ වැල්වෙට්ටිතුරෙයි ඇතුලු පළාත් ගණනාවක් ඊයේ (23 දා) සවස යුද හමුදාව විසින් දැඩි සෝදීසී කිරීමකට ලක් කොට තිබේ.

යාපනයේ වැසියන් සදහන් කලේ යුද හමුදාව නිවාස වාහන සහ පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂා කරමින් ඔවුන්ගේ ජාතික හැදුනුම්පත්ද විමසා සිටි බවයි.

මේ පිළිබදව විමසූ විට යාපනය පොලීසිය ප්‍රකාශ කලේ යාපනයේ ක්‍රියාත්මකව සිටින කඩු රැගත් කල්ලි මර්දනය කිරීම සදහා ආරක්ෂක අංශ විසින් නිරන්තරයෙන් පරීක්ෂා කිරීම් සිදු කෙරෙන අතර මේ ක්‍රියාත්මක වූයේද එම පරීක්ෂා කිරීමේ එක් පියවරක් බවයි.

මේ පරීක්ෂා  කිරීම් වලදී අත්අඩංගුවට  ගත් සැකකරුවන් පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com