www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සැමියා පහර දෙනවා කියා 14 හැවිරිදි දැරිය පොලිසි ඇවිත්


2020-01-23 10:02:22 -  5616 යි

ස්වාමිපුරුෂයා තමාට පහර දෙන බවට ලාබාල දැරියක විසින් කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකළ දික්වැල්ල පොලිසිය එම දැරිය 14 හැවිරිදි වියේදී දූෂණය කළ බව කියන පුද්ගලයින් දෙදෙනකු හා ඊට ආධාර අනුබල දුන් කාන්තාවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති දැරිය දූෂණය කළ බව කියන දෙදෙනා කොළඹ හා අම්බලන්තොට ප‍්‍රදේශවල පදිංචිකරුවෝය. මෙම දැරිය 14 හැවිරිදි වියේදී මගහැරුණු දුරකථන ඇමතුමක් හේතුවෙන් කොළඹ ප‍්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගෙන තිබේ. මෙම පුද්ගලයා විසින් දැරිය පළමු වරට දුෂණය කර ඇති බව හෙළි වී ඇති අතර පසුව දෙමව්පියන්ගේ කැමැත්ත පරිදි එම තරුණයා දැරියගේ නිවසේ මාසයක පමණ කාලයක් ඉද රහසේම දැරිය මගහැර ගොස් ඇති බව පොලිසිය කියයි.

අනතරුව දෙමව්පියන් විසින් අසල්වැසි කාන්තාවක් ගෙනා විවාහා යෝජනාවක් පරිදි අම්බලන්තොට ප‍්‍රදේශයේ 33 හැවිරිදි විවාහයෙන් දික්කසා ද වී සිටි පුද්ගලයකුගේ නිවසට දැරිය පිටත් කර යවා ඇත්තේ වයස අවුරුදු 18 පිරුණු පසු විවාහ කර දීමේ අපේක්ෂාව මතය. නමුත් කලත් ගතවෙද්දී එම පුද්ගලයා දැරියට පහරදීම නිසා එම හිරිහැරය දරාගත නොහැකිව දැරිය පැමිණ පොලිසියට පැමිණිලි කර ඇති බව වාර්තා වෙයි.

එම පුද්ගලයින් දෙදෙනාට අමතරව විවාහ යෝජනාව ගෙනන ලද 52 හැවිරිදි අසල්වැසි කාන්තාව හා අම්බලන්තොට ප‍්‍රදේශයේ සැකකරුගේ මව වන 62 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ.සිල්වා හා මාතර හම්බන්තොට භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර යන මහත්වරුන් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

  ඔබේ අදහස්
Nme - CNW Pathirana
Message -Even parents need to be arrested. If you cant look after children dont bring them to this world.. Simple...
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com