www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මවගේ අනියම් සැමියා මව හා දියණිය කළුතර හෝටලයකට ගෙන්වා එකම දිනයකදී දෙදෙනාම දූෂණය කරලා..


2020-01-16 08:30:52 -  1676 යි

මවගේ අනියම් සැමියා සහ මිතුරියගේ සොහොයුරාත් අවස්ථා කීපයකදී දොළොස් හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් පිළිබඳව දොඩම්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මවගේ යෙහෙළියගේ නිව​සේදී එම තැනැත්තියගේ සොහොයුරාත් උතුරු කළුතර හෝටලයකදී මවගේ අනියම් ස්වාමිපුරුෂයාත් විසින් මෙම දොළොස් හැවිරිදි දැරිය දූෂණය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී ​අනාවරණය වී තිබේ.

නිවසේ යම් ශාන්තිකර්මයක් කිරීම සඳහා පැමිණි කට්ටඩියකු සමග මව අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙම අනියම් සැමියා මව හා දියණිය උතුරු කළුතර ප්‍රදේශයේ හෝටලයකට කැඳවාගෙන ගොස් එකම දිනයකදී මව හා දියණිය යන දෙදෙනාම දූෂණය කර ඇති බවත් හෝටලයේ ලේඛන පරීක්ෂා කිරීමේදී මෙම තොරතුරු තහවුරු වී ඇති බවත් පොලිසිය කියයි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කළුතර කොට්ඨාසභාර වැඩබලන පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස යන අයගේ උපදෙස් මත දොඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com