www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

18 හැවිරිදි බිරිඳ සල්ලාලයන්ට විකිණූ රක්ෂණ නියෝජිතයා දැලේ


2020-01-15 08:51:51 -  4904 යි

තමාගේ 18 හැවිරිදි බිරිඳ පුද්ගලික ලැඟුම්හල්වලට කැඳවාගෙන ගොස් සල්ලාලයන්ට අලෙවි කළ පුද්ගලික රක්ෂණ සමාගමක රක්ෂණ අලෙවි නියෝජිතයකු පෙරේදා (13 වැනිදා) මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ලිංගික අතවරයට ලක් වූ කාන්තාව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මොනරාගල වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම රක්ෂණ නියෝජිතයා ඉකුත් සැප්තැම්බර් මස නක්කල කරපිංචාගලයාය පදිංචිව සිටි 18 හැවිරිදි තරුණියක් විවාහ කරගෙන තිබේ.

පසුව ඔහු අවස්ථා කිහිපයකදී තම බිරිඳව බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය, මිද්දෙණිය වීරකැටිය, මහරගම, සිරිගල හා උඩවලව යන ප්‍රදේශවල පිහිටි පෞද්ගලික ලැඟුම්හල්වලට කැඳවාගෙන ගොස් ලැඟුම්හල්වල අයිතිකරුවන්ගේ සහාය ඇතිව තරුණයන්ට මුදලට විකුණා, එක් අයෙකුගෙන් රුපියල් දහසේ සිට රුපියල් විසිදහස දක්වා මුදල් අයකරගෙන තිබේ.

ජනවාරි 13 වැනිදා ඇය වැල්ලවාය ඇල්ල පාරේ ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලකට කැඳවාගෙන ගොස් දියතලාව යුද හමුදා කඳවුරේ සෙබළෙකුට විකුණා ඇත.

එදිනම සවස බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලැඟුම්හලකට ඇය රැගෙන ගොස් තරුණයන් දෙදෙනෙකුට විකුණා ඇත. එහි දී ඇය හා සැමියා අතර බහින්බස්වීමක් ඇති වී තරුණයන් සමග ලිංගිකව හැසිරීමට විරුද්ධ වී ඇත. ඉන්පසු සැමියා ඇයට පහර දී ඇත.

මේ පිළිබඳව ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාව​ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීම සඳහා රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සැකකරු ඊයේ (14 වැනිදා) මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මොනරාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com