www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සිසුවියන් දෙදෙනකු සමඟ ලැගුම්හලක සිටි ටියුෂන් ගුරාට මහ රෑ වෙච්ච දේ


2020-01-06 10:15:41 -  672 යි

පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු සමඟ නල්ලතන්නිය නගරයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි බාහිර පන්ති ගුරුවරයකු නල්ලතන්නිය පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර ගුරුවරයා හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ. ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රු. ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර යළිත් නඩුව පෙබරවාරි 12 දින කැඳවීමට නියෝග කළේය.

මෙසේ ශරීර ඇප මත මුුදා හරිනු ලැබුවේ වත්තේගම - නුවර පාරේ පදිංචි වේලු සුරේෂ් නමැති (45) හැවිරිදි එක්දරු පියෙකි.

සැකකරු වත්තේගම - පන්විල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16ක් වයසැති මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටි පාසල් සිසුවියන් දෙදෙනකු සමඟ ඉකුත්දා දින රාත්‍රි ශ්‍රී  පාදස්ථානයේ සංචාරයක් සඳහා පැමිණ නල්ලතන්නියේ සිට ගඟුලතැන්න දක්වා ගොස් තමන්ට දැඩි වෙහෙස බවත්, මීට වඩා තමන්ට ඉහළට යෑමට නොහැකි බවත් පවසා සැකකාර ගුරුවරයා පාසල් සිසුවියන් දෙදෙනාද සමඟ නල්ලතන්නිය නගරයට පැමිණ නල්ලතන්නිය පොලිසිය ඉදිරිපිට පිහිටි ලැගුම්හලකට ගොස් එහි කළමනාකාරවරයා හමු වී තමන් පියා සහ දියණියන් දෙදෙනා බව කළමනාකරුට පවසා එම ලැගුම්හලේ පසුදින වන තෙක් කාමරයක් කුලියට ගෙන එම කාමරයේ තිදෙනාම රැඳී සිටියදී නල්ලතන්නිය පොලිසිය වෙත ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන පාසල් සිසුවියන් දෙදෙනා පොලිස් භාරයේ රඳවා ගෙන ඇතැයි නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා කීය.

සැකකාර බාහිර පන්ති ගුරුවරයා වත්තේගම ප්‍රදේශයේ ඉංගී්‍රසි විෂය උගන්වන ගුරුවරයකු බවත් ඔහු ක්‍රිස්තියානි දේව මෙහෙයන් පවත්වන පූජකවරයකු වශයෙන් කටයුතු කරමින් සිටි අයකු බවත් නල්ලතන්නිය පොලිසිය පැවැසීය.

සැකකාර ගුරුවරයා මෙම පාසලේ සිසුවියන් දෙදෙනා සමඟ මීට ප්‍රථම සීගිරිය නැරැඹීමටද ගොස් ඇති බවත් එම පාසල් සිසුවියන් දෙදෙනාගෙන් එක් සිසුවියකට සැකකරු විසින් නල්ලතන්නියට පැමිණීමට ප්‍රථම කාන්තා යට ඇඳුම් කිහිපයක්ද මිලදී ගෙන තිබූ බවත් පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 

පාසල් සිසුවියන් දෙදෙනා තවත් පාසල් සිසුවියන් පිරිසක් සමඟ ශ්‍රී පාදය සංචාරය කිරීම සඳහා බාහිර පන්ති ගුරුවරයා සමඟ යන බව පවසා මවුපියන්ගෙන් අවසර ලබාගෙන පැමිණ ඇති බවත් රාත්‍රි 11ට නල්ලතන්නිය ලැගුම්හලේ කාමරයට ඇතුළු වූ සැකකරු සහ පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා 11.15ට පමණ පොලිස් භාරයට ගත් බවත් නල්ලතන්නිය පොලිසිය කීය.

පොලිස් භාරයට ගත් පාසල් සිසුවියන් දෙදෙනා අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බවත් අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කරන බවත් නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කීය.

නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි, හැටන් - චන්න අද්දරගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com