www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සාමණේර හිමිට අතවර කළ නාගොඩ විමලසිරි හිමි රිමාන්ඩ්


2020-01-03 08:25:27 -  760 යි

කුඩා සාමණේර හිමිනමක ලිංගික අපයෝජනයකට ලක්කිරීමක් සම්බන්ධයෙන් නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉකුත් ජනවාරි 01 වැනි දින උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවා සිටි 71 හැවිරිදි විහාරාධිපති භික්ෂුවක ලබන 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු සංජය ලක්මාල් මෙන්ඩිස් නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ ගාල්ල, නාගොඩ පොලිස් බලප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති තනතුර දැරූ නාගොඩ විමලසිරි නමැති භික්ෂුවකි. අධිකරණයේදී කරුණු අනාවරණය වූ අන්දමට පොලිසිය මෙම භික්ෂුව අත්අඩංගුවට ගෙන තිබුණේ අපයෝජනයට ලක්වූ කුඩා හිමිනමගේ පියා පොලිසියට කළ පැමිණිල්ලකට අනුවය.

පැමිණිල්ලේ සඳහන් අන්දමට වයස අවුරුදු 13 ක් පමණ වන මෙම කුඩා හිමිනම මෙම විහාරාධිපති විසින්ම සසුන් ගතකොට ඇත්තේ මීට මාස කිහිපයකට ඉහතදීය. එතැන් සිට නිරන්තරයෙන් මෙම හිමිනම චූදිත භික්ෂුව විසින් විවිධ අපචාර ක්‍රියාවලට ගොදුරු කරගෙන ඇතිබවත් මහලු ගුරු භික්ෂුවගේ පිළිකුල් සහගත අපචාර ක්‍රියාවන් දිගින් දිගටම ඉවසා දරාගත නොහැකි තැන කුඩා හිමිනම සිවුරු හැර නිවසට ගොස් මේ පිළිබඳව තම පියාට පැවසීමෙන් පසුව පියා පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com