www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ළමා නිවාසයක 13 හැවිරිදි දැරියන් දෙදෙනෙක් පඩිපෙලක් ගාවට ගෙනත් 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් කරපු අපරාධයක්


2019-12-19 14:28:27 -  1531 යි

(දොඩම්ගොඩ ප‍්‍රදේශයේ) ළමා නිවාසයක නේවාසික 13 හැවිරිදි දැරියක් සහ එම වයසේම පසුවන තවත් දැරියක් ස්ති‍්‍ර දුෂණයකට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට තරුණයින් දෙදෙනෙක් 18 දා පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පයාගල පොලිසිය කියයි. 

තරුණයින් දෙදෙනා දැරියන් රවටා පසුගිය 15 දා රාතී‍්‍ර මග්ගොන නිර්මල මාවත වෙත කැටුව විත් ඇති අතර එක් දැරියක් පාඵ නිවසක් වෙත රැගෙන ගොස් ඇති අතර අනෙක් තරුණයා තවත් දැරියක් නිවසක පඩිපෙලක් අසලට කැටුව ගොස් ස්ති‍්‍ර දුෂණයට ලක්කර ඇති බවට තොරතුරු හෙලිවි ඇතැයි පොලිසිය කියයි. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මග්ගොන ප‍්‍රදේශයේ පදිංචි 18 වියේ පසුවන තරුණයින් දෙදෙනෙකි.

අතවරයට ලක්වු දැරියන් දෙදෙනා නාගොඩ මහ රෝහලට ඇතුලත් කර ඇති ඇති අතර සැකකාර තරුණයින් කළුතර ගරු අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි. 

කළුතර කොටිඨාශ භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි සංජිව බණ්ඩාර සහ සහකාර පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ඩබිලිව් ගුණතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක පතිරණ ගේ ප‍්‍රධානත්වයෙන් පරික්‍ෂණ පවත්වති. 

පොතුපිටිය සුමිත් රණවක

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com