www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දරුවෝ දන්නේ නැ තාම මව මිය ගිහින් කියලා, සැමියා අතින් ඝාතනය වූ බිරිඳගේ සම්පුර්න කතාව


2019-12-17 17:21:06 -  1314 යි

පවුල් ආරාවුලක් දුරදිග යාමෙන් රඹුක්කන යටගම ප්‍රදේශයේ 36 වයසැති දෙදරැ මවක් කෑගල්ලේදී ඝාතනය කිරිමේ ඉතා දුක්බර කතා පුවතක් 17දා වාර්තා විය. ඵම දුක්බර පුවත සැලවිමත් සමග ඵම පවුලේ තොරතුරු සොයා මවිබිම අපි ඵම නිවසට ගියෙමු.   අප ඵහි යන විට නිවසේ පවුලේ කිසිවකු නොසිටි අතර ඒ පවුලේ සියළුම දෙනා කෑගල්ල රෝහල වෙත ගොස් තිබෙන්නේ  දරැවන් දෙදෙනා අසල නිවසකට නතර කර දේහය පිලිබදව ඉදිරි කටයුතු සොයා බැලිමටය. 

දරැවන් දෙදෙනකුගේ මවක් වන කරදන පේඩිගේ චාමලි ප්‍රියංගිකා 36 හැවිරිදි මියගිය කාන්තාව ජිවත්වුයේ රඹුක්කන යටගම ප්‍රදේශයේය වසර තුනක සිට පවුල් ආරාවුලක් හේතුවන් විවාහයෙන් වෙන්ව තම දරැ දෙදනා හා මවිපියන් සමග මහ ගෙදරට වී ජිවත් වුයේ තම දෙමාපියන්ට යුද හමුදාවේ සේවය කරමින් සිටියදි මියගිය තම සහොදරයා වෙනුවෙන් ලැබෙන වැන්දඹු අනත්දරු  මුදලින්ය. ප්‍රියංගිකාගේ ආදරණිය පුත් චලිදු ඔෂිත 05 පෙර පාසල් අධ්‍යපනය ලබයි නෙත්මි ⁣නවොද්‍යයා 11 මෙවර ශිෂ්‍යත්ව විභාගයට  පෙනි සිටිමින් ලකුණු 144 ක් ලබාගෙන තිබේ.

දරුවන් මව්පියන් වැඩිහිටි සහොදරිය සමග මෙම පවුලේ උදවිය ගමේ කාගෙත් හොද හිත දිනාගනිමින් ප්‍රියංගිකා  ජිවත්ව සිටි බව ගම්වාසිහු පවසති මෙම මරණය පිලිබදව අප සමග අදහස් දැක්වු යටගම මරණාධාර සමිතියේ සභාපති ඵමි පී ජයන්ත මහතා ප්‍රිංයංගිකා දුව බොහොම හොද කෙනෙක් විවාහයෙන් වෙන්වුනාට පස්සේ  දරු දෙන්නයි දෙමාපියෙයි සමග මහ ගෙදරට වෙලා ජිවත්වුණා දරු දෙන්නාට උගන් වන ගමන් දෙමාපියොන්ටත් සහොදරියටත් සලසාකාගෙන තමයි හිටියේ ගමේ කා අතරත් හොද හිත දිනාගෙන පුලුවන් විදිහට කාටත් උදව් උපකාර කරගෙන තමයි  හිටියේ විවාහයෙන් පසුව ⁣දුවගේ මහත්තයා ඵක්ක මේ අය සතුටින් හිටියා පවුල් ආරාවුලක් දුර ගිහින් තමයි මේ දෙන්නා වෙන්වෙලා තියෙන්නේ  මේ  මියගිය දුවගේ අම්මයි තාත්තයි අසනිපයෙන් තමයි ඉන්නේ මේ දරුවො දෙන්නටත් හොදට ඉගෙන ගන්න පුලුවන් ⁣දරුවෝ දෙන්නා ගැන තමයි අපිට දුක යැයි කදුලු පිරිණු දෙනෙතින් යුතුව ජයන්ත මහතා අප සමග පැවසිය.  

මේ පිලිබදව අදහස් දැක්වු ජී ඩි ඵස් කුමාරි මහත්මිය මිය ගිහින් තියෙන්නේ අපේ ගමේ නංගි කෙනෙක් ඵයා විදේශ රටක ගෘහ සේවයට ගිහින් ඇවිත් තමයි කෑගල්ල  දීවෙල ප්‍රදේශයේ හමුදාවේ වැඩ කරන මල්ලි කෙනෙක් ඵක්ක විවාහ වුණේ මේ දෙන්නා විවාහ වෙලා අපේ ගමේම ජිවත්වුණා මේ දෙන්නාට දරු දෙන්නෙක් හිටියා පසුව දැනට අවුරුදු තුනකට විතර කලින් තමයි ⁣පවුල් ආරාවුලක් නිසා  දෙපැත්තට වෙලා ඉන්නේ මාසයකට සැරයක් ළමයි බලන්න මේ අය රඹුක්කන බෝධියට ඵකතු වෙනවා ප්‍රියංගිකා අද උසාවියට ගිහින් තියෙන්නේ වන්දි නඩුවට සහභාගි වෙන්න මේ සිද්ධිය වෙලා තියෙන්නේ මේ අතරේ අපි හැමොටම හරිම දුකයි මේ දරුවන්ගේ අනාගතය ගැන හිතනකොට මව්පියන්ගේ ආරාවුලක් නිසා අහිංසක දරුවෝ තමයි අසරණ වෙන්නේ යැයි ඵ මහත්මිය පැවසිය 

අදහස් දැක්වු අශෝකා ජයලත් මහත්මිය දරුවෝ දෙන්නා අපේ ගෙදර තියලයි ⁣ගෙදර අය කෑගල්ල රෝහලට ගියේ දරුවෝ දන්නේ නැ තාම මව මිය ගිහින් කියලා පුංචි දරුවා පෙර පාසල් යනවා ලොකු දුව මෙවර හය වසරට තමයි සමත් වෙන්නේ මෙවන් සිද්ධි කාවත්ම වෙන්න ඵපා මේ හය හතර නොදත් පුංචි දරුවන්ගේ අනාගතය ගැන හිතනකොට හිතට දැනෙන දේ කියා ගන්න බැ යැයි කදුළු සලමින් අප සමග පැවසිය.                

පින්නවල ගයාන් රාජපක්ෂ  


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com