www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නිට්ටඹුවේ ලැගුම්හලක ගණිකා සේවයේ යෙදුනු රූමත් තරුණියන් දෙදෙනකු සහ කළමණාකරුට ඇප නෑ (Photos)


2019-12-09 16:07:42 -  1036 යි

නිට්ටඹුව කන්දහේන වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ලගුම්හලක් වටලා එහි ගණිකා වෘත්තියේ යෙදුනු රූමත් තරුණියන් දෙදෙනකු සහ එහි කළමනාකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (09 ) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන  20 දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  අත්තනගල්ල  වැඩබලන මහේස්ත්‍රාත් ජගත් චන්දිමාල් මහතා නියෝග කළේය.

        මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ගම්පහ වැලිවේරිය  ප්‍රදේශයේ  පදිංචි වයස අවුරුදු 26 ක් සහ  27 ක් වූ තරුණියන් දෙදෙනෙක් සහ ලැගුම්හලේ කළමනාකරු ලෙස සේවය කල ගම්පහ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි  .සැකකාර කළමනාකරු විසින්  මෙම ලැගුම්හල කුලී පදනම මත ලබාගෙන තිබෙන බව පොලිසිය පවසයි

      වැටලීමේදී සැකකාර  ලැගුම්හල් කළමණාකරු  සන්තකයේ තිබී  අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම්  160 ක් සහ කේරල ගංජා මිලිග්‍රෑම් 1290 ක් ද අත්අඩංගුවට ගැනිණි.

       පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලද තොරතුරකට අනුව ගම්පහ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතාගේ නියෝග සහ උපදෙස් මත කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පො.ප. සමන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්  පොලිස් උපාය දුතයන් යොදවා වැටලීම සිදුකර ඇත.

       නීත්‍යනුකුල වෙළඳ බලපත්‍රයක්ද  ලබාගෙන මෙම  ලැගුම්හල පවත්වාගෙන ගොස් ඇති අතර එම  මුවාවෙන්  එහි කාමර කුලියට ලබාදෙමින් මාස 6 ක පමණ කාලයක සිට  මෙසේ ගණිකාවන්  සැපයීම සිදුකර ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත .නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශණ  පවත්වති .

වේයන්ගොඩ ඉන්දික තුෂාර





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com