www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අපි ඔහුව තනි කරන්නේ නෑ,තීන්දුවට එරෙහිව සටන් කරනවා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගැන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියපු විශේෂම දේ


2019-12-09 09:11:27 -  395 යි

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණයෙන් ලබාදුන් තීන්දුවට එරෙහිව සටන් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පැවැසීය.

ඊට අවශ්‍ය මැදිහත්වීම විදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව දැනටමත් සිදුකර ගෙන යන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

කිසි ලෙසකින්වත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නිලධාරියාව තනි නොකරන බවද යුද හමුදාපතිවරයා අදහස් දක්වමින් කියා සිටියේය.

එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් බ්‍රිතාන්‍ය ශ්‍රී  ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී සිදුකළ විරෝධතාවක් අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අභිනයෙන් හස්ත සංඥාවක් සිදුකිරීමේ සිද්ධියට අදාළව වැරැදිකරු කරමින් වෙස්ට්මිනිස්ටර් අධිකරණය ඔහුට ස්ටර්ලිං පවුම් 2400ක දඩයක් නියම කළේය.

චාමර අමරසූරිය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com