www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගම්මාන කීපයකට කොටු වී සිටි වැසියන් 168 දෙනෙකු යුද හමුදාවෙන් බේරා ගනී


2019-12-06 10:32:32 -  1071 යි

අධික වර්ෂාව නිසා කිළිනොච්චියේ  ආනන්දපුරම් ඇතුළු ගම්මාන කීපයකට කොටු වී සිටි වැසියන් 168  දෙනෙකු යුද හමුදාව විසින් 6 දා උදෑසන බේරාගෙන  ආරක්ෂිත ස්ථාන කරා රැගෙන විත් තිබේ.

කිළිනොච්චිය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් මත ඒ ඒ පළාත් වල සිටි හමුදා සේනාංක පිහිනා ගොස් වැසියන් විශාල පිරිසක් බේරාගෙන තිබේ.

ඊට අමතරව කඹ වල ආධාරයෙන්ද තවත් පිරිසක් බේරා ගෙන ඇති අතර වැව්ස්සට කොටුවී සිටි විශාලම පිරිසක් බේරාගෙන ඇත්තේ බෝට්ටුවල ආධාරයෙනි.

බේරාගත් වැසියන්ව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කොට ඇති යුද හමුදා නිලධාරීන් ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් හා ආහාර පහසුකම්ද සපයා දී තිබේ.

මේ අතර පළාතේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයට මුහුණ දෙන ආකාරය පිළිබදව හා විපතට පත් වූවන්ට සහන සලසා දෙන අන්දම පිළිබදව සාකච්ඡා කීපයක්ම කිළිනොච්චිය දිසාපති කාර්යාලයේදී දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com