www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉන්දීය වෛද්‍යවරිය මරා දැමූ සැකකරුවන් 4 දෙනා වෙඩි තබා ඝාතනය කෙරේ


2019-12-06 09:20:09 -  662 යි

සමුහ දුෂණයට ලක්කර මර දැමුණු ඉන්දීය පශු වෛද්‍ය තරුණියගේ මරණයට සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා පොලිසිය විසින් වෙඩි තබා මරා දමා තිබෙනවා.

පොලිසිය පවසන්නේ අපරාධ ස්ථානය නිරීක්ෂණය කිරීමට සැකකරුවන් රැගෙන යන අතරතුර ඔවුන් පොලිසිය සමග ඇතිවූ ගැටුමක් වැලක්වීමට උත්සහ ගැනීමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. 

වයස 27ක වෛද්‍යවරියක් වූ Priyanka Reddy පහුගිය දවසක ඉන්දියාවේ හයිද්‍රාභාද් නුවරදී සමුහ දූෂණයට ලක් කර ඝාතනය කර තිබු අතර මරා දැමුණු වෛද්‍යවරියගේ සිරුර දින කිහිපයකට පසු සොයාගැනුනේ අපරාධය සිදුවුණ ස්ථානය සිට 27km දුරින් පිහිටි ස්ථානයකදියි.

ඇයට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් සාමාන්‍ය ජනතාව විරෝධතාවලද නිරත වූ අතර තම දරුවා වැරද්දක් කර ඇත්නම් ඔහුද මෙම තරුණිය මරා දැමුණු අයුරින්ම මරා දැමිය යුතු බව එක් සැකකරුවෙකුගේ මව මිට දින කිහිපයකට පෙර විදෙස් මාධ්‍ය සමග පවසා සිටියා.   



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com