www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොල්තෙල් ගෙන එන්න කඩේට යෑවූ දුව පෙම්වතාගේ නිවසට ගිහිල්ලා... පෙම්වතා දැරිය දූෂණය කරලා....


2019-12-06 07:39:47 -  1154 යි

 

මව දුව පොල්තෙල් ගෙන ඒමට කඩේට යෑවූ විට ඇය කඩේට නොගොස්‌ පෙම්වතාගේ නිවසට ගොස්‌ ඇති බවත් එහිදී පෙම්වතා ඇය දූෂණය කර ඇති බවත් පොලිසියට ලැබී ඇති පැමිණිල්ලක දැක්‌වේ.
 
 දැරියගේ වයස අවුරුදු 14 කි. ඇය 10 වසර අධ්‍යාපනය ලබයි.
 
 දැරිය ඇගේ පන්තියේම ඉගෙනුම ලබන අයෙක්‌ සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ. ඔහු සවස තම නිවසට එන ලෙස කියා තිබුණෙන් මව පොල්තෙල් ගෙන ඒමට ළඟ ඇති කඩේට යෑවූ විට ඇය කඩේට නොගොස්‌ පෙම්වතාගේ නිවසට ගොස්‌ ඇත.
 
 එහිදී ඇයගේ අතින් අල්ලාගත් පෙම්වතා කාමරයට කැඳවාගෙන ගොස්‌ දූෂණය කර ඇත. ඉන්පසුව ඔහු එළියට පැමිණ වටපිට කිසිවෙක්‌ නැති බව තේරුම් ගෙන ඇයව නිවසින් පිටත්කර යවා ඇත.
 
 කඩෙන් පොල්තෙල් රැගෙන නිවසට ගියවිට පොල්තෙල් ගෙන ඒමට වෙලා ගතවීම ගැන ප්‍රශ්න කළ විට දැරිය සිද්ධිය මවට කියා ඇත.
 
 සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසියේ කාන්තා කාර්යාංශය සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. වින්දිත දැරිය මහ රෝහලට ඇතුළත් කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com