www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ස්විස් නිලධාරිනියගේ වෛද්‍ය පරීක්ෂණය කර ඇත්තේ වීඩියෝ ඇමතුමකින්


2019-12-05 07:42:30 -  647 යි

පැහැර ගැනීමට ලක්වුණු බව පැවසෙන ලංකාවේ ස්විස් තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස් නම් කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට වෛද්‍ය වාර්තාවක් ලබාදී ඇත්තේ ස්විට්සර්ලන්තයේ සිටින වෛද්‍යවරයකු බවත්, එය වීඩියෝ කෝල් තාක්ෂණය මගින් සිදුකර ඇති බවත් විදෙස් සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (04 වැනිදා) සඳහන් කළේය.

ඔහු මෙලෙස සඳහන් කර සිටියේ ඊයේ විදේශ කටයුතු සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

කාන්තාව සිද්ධිය වූ බව පවසන ස්ථානයට ආසන්නතම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම්, ඇයට සහ ඇයගේ පවුලේ සියලුම අයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට රජය සූදානම් බව අමාත්‍යවරයා කියා සිටියේය.

නිල පොලිස් පැමිණිල්ලක් නොමැතිවද මෙරට අපරාධ විමර්ශන නිලධාරීන් පරීක්ෂණ ඉතා කඩිනමින් සිදුකෙරූ බව සඳහන් කෙරූ අමාත්‍යවරයා ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් ඇයට තවමත් ප්‍රකාශයක් ලබාදීමට නොහැකි බව මෙරට ස්විස් තානාපතිවරයා දිගින් දිගටම කියා සිටින බවද කීවේය.

මෙරට ස්විස් තානාපති කාර්යාලය විසින් ඇයව ගිලනුන් ප්‍රවාහන ගුවන් යානයක් මගින් ස්විට්සර්ලන්තයට රැගෙන යාමට ඉල්ලා සිටි බවත්, අනන්‍යතාව ඔප්පු නොකළ ශ්‍රී ලාංකිකයකුට රටින් පිටවීමට අවසර දීමට තම අමාත්‍යාංශයට නෛතික බලයක් නොමැති බවත් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com