www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

LTTE ඔත්තුකරුවකු වන එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ප්‍රබෝධ ඇතුළු බුද්ධි නිලධාරීන් 3ක් නිදහස්


2019-11-29 07:17:48 -  497 යි

LTTE ඔත්තුකරුවකු වන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (28 වැනිදා) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ එහි දෙවැනි විත්තිකරු වන ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් තිදෙනකු අධිකරණය විසින් නිදහස් කළේය.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් ප්‍ර​බෝධ සිරිවර්ධන ඇතුළු පුද්ගලයන් 12 දෙනකුටය එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ නීතිපති උපදෙස් අනුව මෙම නඩුවේ දෙවන විත්තිකරු වන නැගෙනහිර බුද්ධි බළකයේ හිටපු දෙවන අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු දහවන සහ දොළොස්වන විත්තිකරුවන් නිදහස් කරන ලෙසයි.

කෙසේ වෙතත් අනෙකුත් සැකකරුවන් 9 දෙනාට එරෙහිව නඩුව කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ විභාග වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com