www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සිසුවියක මත්කර වරින්වර දූෂණය කළ මීගමුව විදුහලක දෙමළ ගුරා අවසානයේ කොටු වූ හැටි


2019-11-26 08:50:01 -  746 යි

මීගමුව විදුහලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් මත්ද්‍රව්‍යවලට හුරුකර පසුව ඇය කලක් තිස්සේ දූෂණයට ලක්කළ බව කියන එම විදුහලේ ද්‍රවිඩ බස උගන්වන තරුණ ගුරුවරයකු නොවැම්බර් මස 27 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් චරිත ඞී. ජයනාථ මහතා නියෝග කර තිබෙනවා.

මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කළ සැකකරු වූයේ එම විදුහලේ ද්‍රවිඩ බස උගන්වන ගුරුවරයකු බව කියන 35 හැවිරිදි විවාහකයෙක් බවයි සදහන් වන්නේ. අතවරයට පත් ශිෂ්‍යාව වෛද්‍ය  පරීක්‍ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ඇය දූෂණයට ලක්ව ඇති බව තහවුරු වී තිබෙනවා.

මෙම සැකකරු මානසික උපදේශනයක් සඳහා රැගෙන යන බව පවසමින් තම වෑන් රථයෙන් ශිෂ්‍යාව කැඳවාගෙන ගොස් වරින්වර දූෂණයට ලක්කර ඇති බවත් සදහන්.  එම ශිෂ්‍යාව සැකකරු විසින් තම වෑන් රථයට නංවා ගැනීමෙන් අනතුරු ශිෂ්‍යාවට දිවයට තබා ගන්නා ලෙසට මත්ද්‍රව්‍ය ලබා දී ඇය මත් වීමට සලස්වා තිබෙනවා.
කටාන පොලිසිය පැමිණිල්ල මෙහෙයවන අතර වැඩිදුර විභාගය නොවැම්බර් මස 27 දින පැවැත්වේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com