www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මුහුණු ආවරණය කරගෙන පැමිණි මුස්ලිම් කාන්තාවට ඡන්දය පාවිච්චි කරන්නට අවසර ලැබිලා


2019-11-22 07:30:19 -  518 යි

ජනාධිපතිවරණයේදී මුහුණු වසා ගෙන හඳුනාගත නොහැකි විලසින් ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්දය පාවිච්චි කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසමෙන් නිවේදනය කර තිබුණත් කලාවැව ආසනයේ එක්තරා ඡන්ද පොළකට නිකාබය පැලඳගෙන පැමිණි කාන්තාවක් නිසා එහි සේවය කළ ඡන්ද නිලධාරීන් මහත් අපහසුතාවකට පත්වීමේ සිද්ධියක් වාර්තා වෙයි. 

මෙම සිද්ධියට අදාළ ඡන්ද මධ්‍යස්ථානය පිහිටා තිබී ඇත්තේ බහුතරයක් මුස්ලිම් ජනතාවක් වෙසෙන ගම්මානයකය. එහිදී පෝලිමේ මුහුණු වසාගෙන පැමිණි එක් කාන්තාවක් තම ඡන්ද කාඩ් පත හා හැඳුනුම්පත ඉදිරිපත් කර ඇති අතර ඡන්ද නිලධාරීන් ඇගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මුහුණ පෙන්වන ලෙස ඉල්ලා ඇත. 

නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කාන්තාව එහෙම නම් මට ඡන්දය එපා මම යන්නම් කියා පවසා ඇත.

මේ අවස්ථාවේ එහි සේවය කළ ජේ‍යෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා එම කාන්තාව වාඩි කරවා ඇයට නීතිමය තත්ත්වය පැහැදිලි කර ඇගේ තොරතුරු විමසා ඇත. 

එහිදී අනාවරණය වී ඇත්තේ ඇය පාසල් ගුරුවරියක බවය. මේ අනුව ජේ‍යෂ්ඨ ඡන්ද නිලධාරිවරයා ඡන්ද පොළේ සේවය කළ නිලධාරිනියක කැඳවා එම කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසුව ඡන්දය භාවිත කිරීමට එම කාන්තාවට අවස්ථාව සලසා තිබේ. 

මේ පිළිබඳව අදහස් දැක්වූ එකී ඡන්ද පොළ භාර නිලධාරියා කියා සිටියේ ඡන්දය භාවිත නොකර එම කාන්තාව ආපසු ගියා නම් ජනතාව අතර කැලඹීමක් පවා ඇතිවීමට ඉඩ තිබූ බවය. 

එම තත්ත්වය යහපත් ලෙසින් විසදාගැනීමට එම කාන්තාව නම්‍යශීලී වීම ගැන තමා බෙහෙවින් ඇයට ස්තුති කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com