www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හිස්බුල්ලාගේ හා බදියුදීන්ගේ දෙපිරිසක් අතර ගැටුමක්


2019-11-19 08:19:29 -  626 යි

පුත්තලම නගරයේදී තෙපිරිසක් අතර 17දා සවස ඇතිවූ ගැටුමකින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සිද්ධියට සම්බන්ධ එක් අයකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලිසිය කියයි.  සිද්ධියට සම්බන්ධ වෑන් රථ දෙකක් සහ මෝටර් කාර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලා මහතාගේ ආධාරකරුවන් සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමක් මුලින්ම පුත්තලම - මන්නාරම මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී හටගෙන ඇත. එම ගැටුමෙන් වෑන් රථයකටද හානි සිදුවී ඇත. පහරකෑමට ලක්ව ඇති පිරිස ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් පුත්තලම පොලිසියට පැමිණ කර ඇත. පැමිණිල්ල සිදුකර රෝහල් ගත වීම සඳහා ඔවුන් පිටත්ව ගොස් ඇත. රෝහල් ගත වීම සඳහා වෑන් රථයකින් ගමන් කරමින් සිටි පිරිස පසුපස තවත් වෑන් රථයකින් සහ මෝටර් කාර් රථයකින් පිරිසක් හඹා ගොස් ඇත. 

වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථ දෙක සහ මෝටර් රථය එක්වරම වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රි අමල් චින්තක මායාදුන්න මහතාගේ නිවෙස වෙත ගොස් ඇත. ඒ වනවිට එම නිවෙසේද පිරිසක් එකතු වී ජනාධිපතිවරණයේ ජය සමරමින් සිට ඇත. 

නිවෙසට කඩා වැදුණු පිරිස සහ මන්ත්‍රිවරයාගේ නිවෙසේ සිටි පිරිස අතර නැවතත් ගැටුමක් එම අවස්ථාවේදී හටගෙන ඇත. එම අවස්ථාවේදී මන්ත්‍රිවරයාගේ බිරිය සහ දරුවන්ද ගැටුමට මැදිවී පහර කෑමට ලක්ව ඇත. පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ පිරිස පලවා හැර ඇත. සිද්ධියට සම්බන්ධ බව කියන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආධාරකරුවකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  රෝහල් ගත කර ඇත්තේ ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලා මහතාගේ ආධාරකරුවන් පිරිසකි.

පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

සමන්ප්‍රිය ජයශාන්ත

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com