www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අලි රොෂාන්ට එරෙහි නඩුවේ විත්තියේ මූලික විරෝධතාව අධිකරණය පිළිගනී


2019-11-14 11:30:15 -  130 යි

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් 5 දෙනෙකු ළග තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවට අදාලව විත්තියේ නීතිඥයන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද ඒකමතිකව පිලිගනු ලැබුවා.

මෙම නඩුව අද කැදවනු ලැබුවේ විකුම් කළුආරච්චි, දම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැදි යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

ඒ අනුව මෙම චෝදනා පත්‍රය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගනු ලබන පියවර දෙසැම්බර් මස 02 වනදා දැනුම් දෙන ලෙසට විනිසුරු මඩුල්ල සඳහන් කළා.

මෙම චෝදනා පත්‍රය යටතේ නඩුව පවත්වාගෙන යා නොහැකි බවට මීට පෙර විත්තියේ නීතිඥයන් මූලික විරෝධතාවයක් ගොනු කර තිබුණා. එම විරෝධතාවය පිළිගනුමිනුයි විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ.
 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com