www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පඬුවස්නුවර ව්‍යාපාරිකයකුගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක්


2019-11-13 13:00:37 -  204 යි

සමස්ත ලංකා බිත්තර ව්‍යාපාරකයින්ගේ සංගමයේ සභාපති පඬුවස්නුවර මණ්ඩපොල පදිංචි ආර්.එමි. සරත් රත්නායක මහතාගේ නිවසට ඊයේ (12) රාත‍්‍රියේ අත් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී ඇතැයි හෙටිටිපොල පොලීසිය පවසනවා.                           

අත් බෝම්බ දෙකක් එල්ල කර ඇති අතර ඉන් එකක් පුපුරා ගොස් ඇති අතර අනිත් අනෙක පුපුරා නොගොස් නිවස අසල මිදුලේ වැටී ඇති බවත් පොලීසිය පවසනවා. පුපුරන ලද අත් බෝම්බය නිවස අසල ඉදිරිපිට ඉස්තෝප්පුවේ පුපුරා ගොස් ඇති අතර එම ස්ථානයේ වලක් සෑදි ඇති බවත් බෝම්බය පිපිරීමෙන් එම ස්ථානයේ බිත්තිවලට, දොරට, ජනෙල්වලට සහ වහලයට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම අවස්ථාව වන විට සරත් රත්නායක මහතා රෝහල් ගතව සිට ඇති අතර බිරිඳඳ නිවසේ සිට නැහැ. බිරිඳගේ සොහොයුරා පමණක් නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

යතුරු පැදියකින් පැමිිණි පුද්ගලයින් දෙදෙනෙකු සරත් රත්නායක මහතාගේ නිවසට එන මාර්ගය පිළිබඳව අසල්වැසියන්ගෙන් විමසා ඇති බව ප‍්‍රදේශවාසීන් පැවසූ බව පොලීසිය පැවසීය.

පුපුරා නොගිය බෝමිබය යුධ හමුදා බෝමිබ නිෂ්ක‍්‍රිය අංශය මගින් නිශ්ක‍්‍රීය කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ හෙටිටිපොල පොලීසිය විසින් වැඩිදුරටත් සිදු කරනවා.

රඹාවැව -කේ.ඒ.ජයසූරිය


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com