www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සුදු වෑන් නඩුව නඩු වැටුණු අයට නාවික හමුදා නීතියට අනුව පියවර ගන්න - නීතිපතිගෙන් නාවික හමුදාපතිට උපදෙස්


2019-11-13 07:58:29 -  304 යි

සුදු වෑන් භාවිත කරමින් 2008 වසරේදී 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් ඝාතනය කිරීමට අදාළ අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිිකරුවන් ලෙස නම් කොට ඇති මේ වනවිටත් සකි‍්‍රය සේවයේ නිරතව සිටින රියර් අද්මිරාල් ඞී. කේ. පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් නාවික හමුදා රෙගුලාසි හා අණ පනත් අනුව සුදුසු පියවර ගන්නා ලෙස නීතිපතිවරයා නාවික හමුදාපතිවරයාට ලිඛිතව උපදෙස් ලබාදී ඇත.
 
 හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට සහ තවත් නාවික හමුදා නිලධාරීන් 13 කට එරෙහිව අධිචෝදනා 667 ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට මේ වනවිටත් නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එලෙස අධිචෝදනාවන්ට ලක්වූ සෙසු ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව අනුගමනය කරන නියමිත කි‍්‍රයා පටිපාටිය මෙකී විත්තිකාර නාවික හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් ද අනුගමනය කරනා ලෙස දන්වා ආරක්ෂක ලේකම්වරයාට ද පිටපතක් සහිතව එකී උපදෙස් ලිපිය නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් නාවික හමුදාපතිවරයා වෙත අද (13 දා* යොමු කිරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com