www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කර්නල්වරු 2ක් ඇතුළු බුද්ධි අංශයේ 7කට නඩු


2019-11-08 09:33:23 -  142 යි

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයට අණදුන් කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු නිලධාරීන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා හෝමාගම මහාධිකරණය හමුවේ ඊයේ (07 වැනිදා) නඩු පැවරූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න පැවසුවාය.

යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ශම්මි කුලරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, බුද්ධි අංශ නිලධාරීන් වන ටී.කේ.රාජපක්ෂ, ඩිලන්ත උපසේන, එස්.කේ.උළුගෙදර, රවීන්ද්‍ර රූපසේන, හේමචන්ද්‍ර පෙරේරා යන හත්දෙනාට මෙසේ නඩු පවරා තිබේ. 2009 වසරේ අගෝස්තු 27 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම, ඊට අනුබල දීම යන චෝදනා යටතේ අධි චෝදනා ගොනුකර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com