www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

11 හැවිරිදි දැරියට අතවර කළ 65 හැවිරිදි ඥාතියා අත්අඩංගුවට....


2019-11-06 08:18:52 -  256 යි

ගාල්ල ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි

වයස අවුරුදු 11ක බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කළ බව කියන හැටපස් හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බැව් ඉමදුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා මෙම දැරියගේ ඥාතියකු වන අතර ඔහු දැරියගේ නිවසේ නැවතී සිට ඇත. සැකකරු කළුතර නාගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ළමා රක්ෂණ අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව ඉමදුව පෙලිසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව පොලිසිය පවසයි. දැරියට බරපතල ලිංගික අපයෝජනයක් හෝ ස්ත‍්‍රි දුෂණයක් වී නොමැති බව එම පරීක්ෂණයේ දී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

සැකකාර පුද්ගලයා විසින් දැරිය සිප වැළඳ ගැනීම හා සිරුර ස්පර්ශ කිරීම කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඒ අනුව බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඉමදුව පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර, පො.ප බන්දුල, පො.සැ (58802* ධනවංශ, කා.පො.කො (8718* දිනුෂා යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com