www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

LTTE මහවිරු දිනය සමරන්න යාපනයේ රැස්වීම්


2019-11-05 08:07:23 -  176 යි

එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය සැමරීම සදහා මුලතිව් වන්නිවිලාන්කුලම් ප්‍රදේශයේ වැසියෝ 4 දා සවස පැරණි එල්.ටී.ටී.ඊ.සුසාන භූමියක් සුද්ද පවිත්‍ර කොට තිබෙනවා.

මේ ශ්‍රමදානයේදී එම ස්ථානයෙන් හමු වූ එල්.ටී.ටී.ඊ. සොහොන් කොත් කීපයක් රැගෙන විත් ගස් යට තබා පිළිවෙලකට සකස් කර පසුව එම ස්ථානයේදීම නොවැම්බර් මස 27 වෙනිදාට යෙදෙන එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය සමරන ආකාරය පිළිබදව කුඩා රැස්වීමක්ද පවත්වා ඇතැයි වාර්තා වනවා.

මෙවර මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මාන මට්ටමින් එල්.ටී.ටී.ඊ. මහවිරු දිනය හා මහ විරු සතිය පැවැත්වීමට මහවිරු සංගමය තීරණය කර තිබෙනවා.

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය නොවැම්බර් මස 26 වෙනිදාට යෙදී ඇති අතර මහ විරු දිනය යෙදී ඇත්තේ නොවැම්බර් 27 වෙනිදාටයි.

මහවුරු සතිය ලෙස නම් කොට ඇත්තේ නොවැම්බර් 23 වෙනිදා සිට 27 වෙනිදා දක්වා කාලයයි.

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com