www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාතාලයේ කොන්ත්‍රාත් ඝාතකයා "බුම්මා" ආපසු එයි


2019-10-22 07:18:02 -  516 යි

කොළඹ කේන්ද්‍රකරගෙන පාතාලයේ කොන්ත්‍රාත් ඝාතන පෙළක් කර ඉන්දියාවට පැනගත් එල්.ටී.ටී.ඊ. වෙඩික්කරුවකු වූ කෙනඩි හෙවත් බුම්මා ජනාධිපතිවරණ උණුසුම මැද ලංකාවට පැමිණ ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

මේ අනුව නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු ඝාතන රැසකට අවශ්‍ය කරන බුම්මා සොයා බුද්ධි අංශ විමර්ශනයක් අරඹා ඇත.

මොහුට ඉන්දියාවේ සිටින කිඹුලාඇළ ගුණේගේ සොහොයුරා වන සුරේෂ් ඉන්දියාවේදී රැකවරණ ලබාදී තිබුණේ කොළඹදී ඝාතන රැල්ලක් කර ඉන්දියාවට පැනගත් පසුය.

දකුණේ පාතාල නායක කොස්ගොඩ සුජී බූස්ස හිරගෙදරදී හඳුනාගෙන තිබූ කෙනඩි හෙවත් බුම්මා මුලින්ම දකුණේ ඝාතන කිහිපයකටම යොදාගෙන තිබිණි. බලපිටිය ​උසාවිය ළඟ ද්විත්ව ඝාතනයක්, ඌරගහ ඇතුළු ප්‍රදේශ ගණනාවක කොන්ත්‍රාත් ඝාතන පෙළක් කොස්ගොඩ සුජී විසින් කර තිබුණේ බුම්මා ලවාය. නාඳුනන වෙඩික්කරුවකු වූ බුම්මා පළමුවරට පොලිස් විශේෂ කාර්ය බළකායට කොටුවන්නේ 2017 වසරේදීය. ඉන්පසුව ඇප ලබා කොළඹට පැමිණ කුඩු සෙල්විගේ පුත්තුන්ට එරෙහිව සටනක් අරඹා ඝාතන රැල්ලක් කරද්දී පාතාල මර්දන ඒකකවලට බියෙන් ඉන්දියාවට පැන තිබිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com