www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මහවිරු සැමරුමට ශ්‍රීධරන්ගෙන් කමිටුවක්


2019-10-22 07:07:39 -  261 යි

යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීම වෙනුවෙන් වන මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීම වෙනුවෙන් කිලිනොච්චිය පිහිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතාගේ කාර්යාලයේදී කමිටුවක් පත්කොට ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසයි.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසුවේ ශිවඥානම් ශ්‍රීධරන් මහතාගේ පක්ෂ කාර්යාලයේදී උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එස්.පසුපතිපිල්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව සකස් කොට ඇති බවයි.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසුවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකයන් පමණක් යොදා ගනිමින් අදාළ මහවිරු සැමරුම් කමිටුව සකස් කොට ඇති අතර, මහවිරු සැමරුම හරහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය තම ජනප්‍රියත්වය ඉහළ දමා ගැනීමට සුදානම් වන බවයි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සිය පක්ෂයේ ජනප්‍රියත්වය උදෙසා තනිවම මහවිරු සැමරුම පැවත්වීමට ගන්නා උත්සාහය වෙනුවෙන් අනෙකුත් දෙමළ පක්ෂ නියෝජනය කරන දෙමළ ජනතාව කලකිරී ඇති අතර, ඒ වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට දෝෂාරෝපණය කොට ඇති බවද කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.

මහවිරු සතිය ලෙස නම්කොට ඇති නොවැම්බර් 20 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරු සොහොන් පිරිසුදු කරමින්,මහවිරුවන් වෙනුවෙන් පහන් දල්වා,මහවිරුවන් සිහි කරමින් ගුණ සැමරුම් වැඩසටහන් පැවැත්වීමට ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නියෝජිතයන් සුදානම්ව ඇති බවද කිලිනොච්චිය ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන ඇත.

එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ උපන් දිනය නොවැම්බර් 26 වැනිදාට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් එවක එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින් මහාජන සංහාර කරමින් ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරූහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com