www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගුරුකන්ද සිද්ධියට ගිය ඥාණසාර හිමිට නොතීසි නිකුත් කෙරේ


2019-10-21 13:04:19 -  178 යි

අධිකරණ නියෝගයක් තිබියදී ඊට පටහැනි ලෙසට ක්‍රියා කරමින් අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 08 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට අභියාචනාධිකරණය බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු තුන් දෙනෙකුට නොතීසි නිකුත් කළා.

අභියාචනාධිකරණය මෙලෙස නොතීසි නිකුත් කළේ මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා විසින් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය එම විහාර භූමියේ නොපවත්වන ලෙස දන්වමින් මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝග කර තිබියදී ඥාණසාර හිමියන් ඇතුළු තුන් දෙනෙකු එම නියෝගය කඩ කිරීමට කටයුතු කර ඇති බවට පැමිණිළිකාරිය චෝදනා කර සිටියි.

අභියාචනාධිකරණයේ  සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com