www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නයාරූ ගුරුකන්ද භික්‌ෂූන් වහන්සේලාට තර්ජන - මුලතිව් පොලිසිය මර නින්දේ


2019-10-15 11:17:19 -  343 යි

මුලතිව් නයාරූ ගුරුකන්ද රජමහා විහාරයේ අර්බුදය දරුණු ලෙස උග්‍ර වී ඇතැයි වාර්තා වේ.

මේ ප්‍රශ්නය පිළිබඳ මේ දක්‌වා කතා කොට ඇත්තේද ඇතැම් ජනමාධ්‍ය හා ගුරුකන්ද විහාරයට සම්බන්ධ පිරිස්‌ පමණක් බවද විහාරස්ථානයේ හිමිවරුන් විසින් මැසිවිලි නගති.


දමිළ දේශපාලනඥයන් විසින් ගුරුකන්ද විහාරස්‌ථානයට කඩාවැදී ඔවුන්ට අයිතියක්‌ නොමැති තැනක අයිතිය ඉල්ලා සිටියත් වසර ගණනාවක සිට මේ ස්‌ථානය බෞද්ධ උරුමයක්‌ හා පුරා විද්‍යා ඉතිහාසයක්‌ ඇති පුජා භුමියකි.

ඩෝසර් කිරීමට එරෙහි වූ නිසා භික්‌ෂූන් වහන්සේලාට තර්ජන

මුලතිව් ප්‍රාදේශීය දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක්‌ මේ ගුරුකන්ද විහාරස්‌ථානයට යාබදව ඇති ඉඩම ඩෝසර් කිරීමට පටන් ගත්තේ ඒ අසල පිහිටි කෝවිල සංවර්ධනය කිරීම පිණිසය.

ඒ ක්‍රියාවට එරෙහි වූ ගුරුකන්ද විහාරස්‌ථානයේ දැනට වැඩ වාසය කරන භික්‌ෂූන් වහන්සේ දෙනමට හා විහාරස්‌ථානයේ භාරකරුවාට තර්ජනය කර ඇති බවද වාර්තා වේ.

මුලතිව් පොලිසිය මර නින්දෙ


මුලතිව් පොලිසියේ නිලධාරීන් ඉදිරිපිටම මේ සියලු දේ සිදුවෙතත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි යන්න විශාල පැනයකි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com