www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවයට බදවා ගන්නා සේවකයින්ගේ බහුතරය උතුරේ තරුණ තරුණියන් විය යුතුයි


2019-10-15 11:11:59 -  247 යි

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවයට බදවා ගන්නා සේවකයින්ගේ බහුතරය උතුරේ තරුණ තරුණියන් විය යුතු බව  ඊ. පී.ආර්.එල්. එෆ්. සංවිධානයේ නායක  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

යාපනයේ පිහිටි මාධ්‍ය සමාජ ශාලාවේදී ප්‍රවෘත්ති සකච්ඡාවකට එක් වෙමින්  14 දා අදහස් දැක් වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේ මේ වන විට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවය කිරීම  සදහා උතුරු පළාතේ නොවන සිංහල සේවක සේවිකාවන්  96 දෙනෙකු බදවා ගෙන සිටින බවයි.

යාපනය ඇතුළු උතුරු පළාතේ විවිධ සංවර්ධන කටයුතු සිදු වීමේදීද රාජ්‍ය සේවයට සේවක සේවිකාවන් බදවා ගැනීමේදීද උතුරේ සිටින බහුතරයක් වූ දෙමළ තරුණ තරුණියන්ට සිදුඅන අසාධාරණය යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවය කිරීම සදහා සේවක සේවිකාවන් බදවා ගැනීමේදීද සිදුව ඇති බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් තමන් රජයට විරෝධය පලකරමින් ලිපියක් යවන  බවද ඊ.පී.ආර්. එල්. එෆ්. සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.

වවුනියාව- රසාදි චතුරංගි ගමගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com