වයස අවුරුදු දහයක බාලවයස්කාර දැරියක සාපරාධී ලෙස බිය ගන්වා බරපතළ ලිංගික අපයෝජනයක් කිරීම හා ඊට පසු කිහිපවිටක් ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට 18 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මොනරාගල පොලිසිය පවසයි.
සැකකරු මෙම දැරියගේ බාප්පා කෙනකු බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වින්දිත දැරිය මේ පිළිබඳව තම පාසලේ පන්තිභාර ගුරුවරයාට පැවැසීමෙන් පසුව ඔහු මොනරාගල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය හය ශේ්‍රණියේ ඉගෙනුම ලබන්නියකි.
දැරිය පොලිසියට ප්‍රකාශයක් දෙමින් පවසා ඇත්තේ 2018 වසරේ මැයි මස දිනෙක තම මව, පියා සමඟ අමනාපවී නිවෙසින් පිටව ගිය අවස්ථාවක බාප්පා පැමිණ නිවෙසේ ෙදාරගුළු ලා බිය ගන්වා අතවර කළ බවයි. ඒ අවස්ථාවේ තමන්ට සිහිය නැතිවූ බවද මේ දැරිය පොලිසියට පවසා ඇත. සිද්ධිය වන අවස්ථාවේ දැරියගේ පියා ඔහු සේවය කරන වත්තට ගොස් සිට ඇත. ඊට මාස කිහිපයකට පසුවද සැකකරු තමන්ට ලිංගික අතවර කළ බවද දෙවැනි වර තමන් ඔහුගෙන් බේරී පලා ආවේ සැකකරුගේ අත සපා කා ගලකින් පහරදීමෙන් පසුව බවද මෙම දැරිය පොලිසියට පවසා තිබේ.
වින්දිත දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල් ගතකර ඇත. සැකකරු මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.
මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරි ඩබ්.ඒ. නිමල් යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත මොනරාගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රවීන්ද්‍ර දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කෙරෙයි.
මොනරාගල - සංජීව බණ්ඩාර