www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රණවිරු ගායෙන් අපේ කොල්ලෝ ප්‍රභාකරන්ගේ ගාය නිට්ටාවටම සුව කළා - කමල් ගුණරත්න


2019-10-14 10:39:20 -  593 යි

ත්‍රස්තවාදය නිමකළ රණවිරුවන් සම්බන්ධයෙන් ඇතැමුන් සිදුකරන ප්‍රකාශ ඔස්සේ රණවිරුවන් හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ කරන බව මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඊයේ රත්නපුරයේ පැවති සබරගමු මහා සඟ සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් ඒ මහතා මෙසේ පැවසීය.

"අපේ කොල්ලෝ මියගියා. ඔවුන් පණදුන්නේ රණවිරු ගාය නිසයි. රණවිරු ගාය නිසා බොහෝ පිරිසක් තුවාල ලැබුවා. ඒ රට රකින්න තිබුණු රණවිරු ගාය හින්දා. අන්තිමට රණවිරු ගායෙන් ප්‍රභාකරන්ගේ ගාය සුවකළා. නමුත් අද ඒ බත් බැලයෝ කියනවා රණවිරු ගාය සුව කරනවා කියනවා. අද මව්බිම නැතිකරලා තියෙන්නේ. රටේ අනාගතය විසඳෙන ක්‍රියාවලිය නුදුරේදීම."

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com