www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වවුනියාව නගරයේ නැවතත් හදිසි මුරපොළවල්


2019-10-07 10:04:53 -  595 යි

වවුනියාව - මාධව කුලසූරිය.

වවුනියාව නගරයේ ස්ථාන කිහිපයක යුද හමුදා නිලධාරීන් යොදා ගනිමින් හදිසි මුරපොළවල් යොදා ඇති බව වවුනියාව ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශවාසීන් පැවසූවේ වවුනියාව නගරය, පූන්තෝට්ටම් ප්‍රදේශය, වවුනියාව ඊරට්ටපෙරියකුලම, මදීනානගර් හා ඊච්චන්කුලම ආදි ප්‍රදේශවල මෙසේ යුද හමුදා මුරපොළවල් ස්ථාපිත කර ඇති බවයි.

ඇතැම් අවස්ථාවන්හිදි යුද හමුදා මුරපොළවල් හරහා ජනතාව පරීක්ෂා කිරීම හා වාහන පරීක්ෂා කිරීම සිදුකරන බවද ප්‍රදේශවාසීන් පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව ආරක්ෂක අංශයන්ගෙන් සිදුකළ විමසී‍මකදී පැවසුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුරු පදනම් කර ගනිමින් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා ‍මුරපොළවල් නැවත වවුනියාව නගරයේ ස්ථාපිත කොට ඇති බවයි.

වවුනියාව නගරයේ යුද හමුදා මුරපොළවල් යොදා ඇති ආකාරය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com