www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යුද හමුදාවේ තිස්දෙනකුට දුම්රිය පුහුණුව


2019-10-07 09:55:41 -  331 යි

හදිසි අවස්ථාවකදී සේවයේ යෙදවීම සඳහා යුද හමුදාවේ තිස් දෙනකුට දුම්රිය රියැදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති පුහුණුව ලබාදීම සඳහා අවසරය ලබාදුන් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අශෝක් අබේසිංහ පැවසීය. දුම්රිය වර්ජනවලට මුහුණදීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ඉදිරියේදී දුම්රිය රියැදුරන් දස දෙනකු (10), නියාමකවරුන් දස දෙනකු (10) සහ ස්ථානාධිපතිවරුන් දස දෙනකු (10) පුහුණු කිරීමට නියමිතය.

ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා යුද හමුදාවට අවසරය ලබාදී ඇත. මෙයට මාස හයක පමණ කාලයක් ගතවනු ඇතැයිද පැවසේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

"මේ අය දැන් වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කරන්න සාකච්ඡාවක් දෙන්න කියලා මට කියනවා. මම මේ අය සමග සාකච්ඡා පහක් සිදුකළා. ඒ අනුව එම ඉල්ලීම් කැබිනට් එකටත් දැම්මා. අපි ලිඛිතවත් දීලා තියෙනවා. දැන් සාකච්ඡා කරලා තේරුමක් නෑ. මම කිව්වා මම සාකච්ඡාවක් දෙන්නම් ඒක අවසාන වශයෙන් දෙන්නේ කියා. එහෙත් වැඩට එන්න ඕනේ බවත් කියලා. ඒ අය කියනවා මුදල් කොමිසමත් එක්ක සාකච්ඡාවක් ඕනේ කියලා. මුදල් කොමිසමට යන්න මාත් එන්නම් කියලා කිව්වා. හැබැයි වර්ජනය නතර කරන්න ඕනේ. නැතුව සාකච්ඡාවකට එන්න බැහැ කියලා. මේ වර්ජනය නිසා එක්කෙනකුට දවසකට හය හත්දහසක බටා ඕටී නෑ. වර්ජනය ආරම්භ කරපු දවසේ ඉඳන් නෝපේ. මේක ඒ අයගේ විශ්‍රාම වැටුපටත් බලපානවා. ඒ අය දැන් සේවය අතහැර ගියාසේ සලකා ලිපි යවලා තියෙන්නේ. නිවාසවලින් යන්න කියලා තියෙන්නේ. ඒ නිසා මේ අය සේවයට වාර්තා කළ යුතුයි. සිකුරාදා අපි කෝච්චි විසි පහක් දිව්වා. දැන් අපි ලැහැස්ති කරලා තියෙනවා කෝච්චි තිහක් දුවන්න. රජයේ සේවකයෝ කොළඹට එන්නේ කෝච්චි හතළිහකින්. දැන් අපි හැම එකම ඩබල් කරලා දානවා. කෝච්චි හැටක් දැම්මාම සියලුම රජයේ සේවකයන්ට කොළඹට එන්න පුළුවන්. ස්ට්‍රයික් කරපු සමහරු දැන් වැඩට ඇවිල්ලා ඉන්නවා. නමුත් ඒ අයට බලපෑම් කරනවා වැඩට එන්න එපා කියලා. ඒ අයගේ මේ වැඩේ ෆේල්. මේ අය ගිහිල්ලා මැතිවරණ කොමසාරිස් මුණගැහිලා, මැතිවරණ කොමසාරිස්තුමා මට කිව්වා වැඩවර්ජනය නතර කරන්න කියලා ඒ අයට දැනුම් දුන්නා කියලා" යැයි ඇමැතිවරයා කීවේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com