www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වෙඩි තබන- බෝම්බ විදින අවියක් ත්‍රිමලේ සොහොන් බිමක


2019-10-07 09:48:18 -  402 යි

ත්‍රිකුණාමලය ඇලස්වත්ත ප්‍රදේශයේ සොහොන් පිටියක වළ දමා තිබූ අවි ආයුධ හා පතොරම් තොගයක් උප්පුවේලි පොලිසිය මගින් ඊයේ (06 වැනිදා) සවස සොයාගෙන තිබේ.

සොයාගත් අවි ආයුධ අතර යුගෝස්ලාවියාවේ නිෂ්පාදිත 70 එම්. ඒ.බී. 2 වර්ගයේ වැඩිදියුණු කරන ලද විශේෂිත ගිනි අවි 05ක් හා ඊට යොදන මැගසින් 15ක්ද, එස්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 01ක් හා ඊට යොදන මැගසින් 03ක්, ටී. 56 පතොරම් 1700ක් තිබෙන බව පොලිසිය කියයි. 70 එම්.ඒ.බී.2 වර්ගයේ වැඩිදියුණු කරන ලද විශේෂිත ගිනි අවියේ විශේෂත්වය වන්නේ එය වෙඩි තැබීමට අමතරව බෝම්බ විදීමටද ඇති හැකියාවයි.

මෙම අවි පතොරම් තොගය ග්‍රීස් සහිත ප්ලාස්ටික් බැරලයක බහා සොහොන් පිටියේ වළ දමා තිබී ඇති අතර මිනී වළක් හෑරීමට ගිය ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව උප්පුවේලී පොලිසිය විසින් අදාළ බැරලය සුරක්ෂිතව විශේෂ කාර්ය බළකා කඳවුරකට ගෙන ගොස් නියමිත ආරක්ෂක ක්‍රමවේදයකට අනුව විවෘත කර බැලීමේදී ඒ තුළ බහා තිබූ මෙම ආයුධ ​තොගය සොයාගෙන ඇත.

මේ අවි හා පතොරම් ​තොගය කවුරුන් විසින් මෙම ස්ථානයේ සැඟවූයේද යන්න සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com